ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට අනුමැතිය

ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට අනුමැතිය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු මේ වන විට එම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවතින බව රජය පවසයි.

එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගත වූ සිදුකළ යුතුව තිබූ බැවින් ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන යෝජනා එකී පනත් කෙටුම්පතට හඳුන්වා දීමට හැකිවී නොමැති බව රජය පවසයි.

එබැවින් අදාල සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් සමග තවදුරටත් සාකච්ඡා කර හඳුනා ගනු ලැබ ඇති සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share This