ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO අධිකරණයට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08) අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද උදෑසන මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.