මත්පැන් බෝතල් වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවන සමාගම් වල බලපත්‍ර තහනම්

මත්පැන් බෝතල් වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවන සමාගම් වල බලපත්‍ර තහනම්

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙදපොලේ පවතින අතර ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසුව එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර තහනම් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවැසීය.

ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වංචාවට වැරැදිකරුවන් වන පුද්ගලයන්ට සහ සමාගම්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට පෞද්ගලිකවම උපදෙස් දී තිබෙන බව ද සුරාබදු කොමසාරිස් ජෙනවරාල්වරයා කීය.