දමිතා සහ සැමියාට එරෙහි මුල්‍ය වංචා නඩුවේ අධිකරණය දුන් නියෝගය

දමිතා සහ සැමියාට එරෙහි මුල්‍ය වංචා නඩුවේ අධිකරණය දුන් නියෝගය

කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

එහිදී පරිගණක අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම්දී ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව ආගාමික සහ විගාමික පනත යටතේ වැරදි අනාවරණය වන බවය.

මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් සිදුකළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවද පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයේ කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබාදීම එළඹෙන 27 වනදා දක්වා කල් තබන බවට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැනුම් දුන්නේය.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ගොනු කර තිබේ.