![දවසේ ලග්න දවසේ පලාපල – 2023 අප්‍රේල් මස 26 වන බදාදා දවසේ ලග්න දවසේ පලාපල – 2023 අප්‍රේල් මස 26 වන බදාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/04/1-10.jpg?quality=100&f=auto)
දවසේ ලග්න දවසේ පලාපල – 2023 අප්‍රේල් මස 26 වන බදාදා
රාහු කාලය
12:08 pm – 1:41 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මේෂ
ක්‍රියාකාරකම් බහුල වෙයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග වලටද හේතුයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘෂභ
අවිවේකී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විදෙස් ගමන් එවැනි දේ සඳහා ක්‍රියාකරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. හදිසි රෝග, කැඩුම් බිදුම් වලට හේතුයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මිථුන
රාජකාරි වලදී මතභේද වලට තුඩුදෙන ප්‍රශ්න මතුකරන බැවින් ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන් ඉවසීමද මැනවි. ආගමික වතාවත් ගරු කරයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. සන්ධි රෝග ඉදිමුම් රෝග මතුවෙයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කටක
ශුභාශුභ ඵලදෙයි. ගමන් බිමන් බහුලයි. නොකළ වැරදිවලට චෝදනා එල්ලවීමට ඉඩ තිබේ. ව්‍යාපාර ස්ථානවල අඩුපාඩු අවබෝධ වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝගද මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
සිංහ
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බොහෝකොට හුදෙකලාව ගත කරයි. මිතුරන් සමඟ සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මරුවකට හේතු වෙයි. ස්නායු ගත රෝග වලට හේතුයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කන්‍යා
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාරද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto&quality=100&f=auto)
තුලා
තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමඟ තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. නයතුරුස් වීමටද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල් වල රෝග, අර්ශස් රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘශ්චික
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමගද තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto&quality=100&f=auto)
ධනු
ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන්ද අධිකවීමෙන් වැයපසද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලද යෙදෙන අතර හදිසි ලාභද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මකර
ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාර වල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාර වලින් ජයගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කුම්භ
රාජකාරි වලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැයකිරීමට සිදුවේ. තමන්ටද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මීන
ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැවැති අඩුපාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභද ලබයි. සෙම් ආශ්‍රිත රෝග, පෙනහළු රෝග මතුවේ.