සා. පෙළ ප්‍රතිඵල එන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි

සා. පෙළ ප්‍රතිඵල එන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි

2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

2024 වසරේ සාමාන්‍ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර 2023 වර්ෂණය අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි ජනවාරි 04 වනදා ආරම්භ කර ජනවාරි මස 31 වනදා අවසන්වන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.