ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව දීම කල් තැබේ

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව දීම කල් තැබේ

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් පෙත්සම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණයෙන් කල් තබා තිබේ.

ඒ අනුව, තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර් 31 දක්වා කල් තැබෙනු ඇති.

එහි තීන්දුව අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ, අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.