සා.පෙළ සිසුන්ට පණිවිඩයක්

සා.පෙළ සිසුන්ට පණිවිඩයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරන බවයි, සඳහන් වන්නේ.

එමෙන්ම දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද (01) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This