වේයන්ගොඩ අවන්හලක් අසලදී කැමරා ශිල්පියෙකු ඝතනය කරලා

වේයන්ගොඩ අවන්හලක් අසලදී කැමරා ශිල්පියෙකු ඝතනය කරලා

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසලදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහේෂ් ගුණතිලක නැමැති 36 හැවිරිදි දෙදරු පියෙක්වන අතර, ඔහු ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී ආයතනයක කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ අයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවන්හලේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Share This