සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ ගැන දැනුම් දීමක්

සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ ගැන දැනුම් දීමක්

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.10 (සෙනසුරාදා) දින මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා පවසයි.

මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැකි බව ගමගේ මහතා දන්වා සිටියි.