යහපාලන කාලේ ජවිපෙ අපි එක්ක ඉතා ලඟින් වැඩ කළා – රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජවිපෙට බැරි ඇයි

යහපාලන කාලේ ජවිපෙ අපි එක්ක ඉතා ලඟින් වැඩ කළා – රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජවිපෙට බැරි ඇයි

යහපාලන ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණ අප සමග ඉතා සමීපව වැඩ කටයුතු කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේ රාජාසන කතාව සිදු කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමඟ සමීපව වැඩ කටයුතු කළා.

දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් අනුර දිසානායක මහතාමයි.

ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක මහතා ළඟ තිබෙනවා..

ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි.

අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු යැයි ජනාධිපති වරයා පැවසීය.

තවද සමගි ජන බල වේගය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය.

සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමඟ බොහෝ කාලයක් එකට දේශපාලනය කළ අය. මම දේශපාලනයට හඳුන්වා දුන් අයත් එහි ඉන්නවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදුජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරි ඇයි යනුවෙන් ප්‍රකාශ කළේය.

 

Share This