දුම්රිය වර්ජනය අඛන්ඩව

දුම්රිය වර්ජනය අඛන්ඩව

දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා පැවසීය.

කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට සහභාගි වී සිටින බවත් බලධාරීන් සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ධාවනාගාර පහේම රියදුරන් වර්ජනයට එකතු වීමේ අවදානමක් ඇති බවත් සේනානායක මහතා කීය.

ප්‍රවාහන අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සියලු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පිළිගත් ද විසඳුමක් නොදීම ගැටලුවක් බව ද දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.