ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න වරම්

ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න වරම්

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර් ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් තීරණය කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින අතර එහිදී විකල්පයක් වශයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර තිබේ.