“ආදරේ” අත්අඩංගුවට

“ආදරේ” අත්අඩංගුවට

අහුංගල්ල ප්‍රදේශයේදී පසුගිය මැයි 08වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වෙඩි තැබීමට වෙඩික්කරු හට ආධාර, අනුබල ලබාදුන් ‘අදරේ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්.

ඊයේ දින කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී මෙලෙස එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1,150 ක් සහ ජංගම දුරකථනයක්ද විශේෂ බලකායේ භාරයට ගෙන තිබෙනවා.

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08වැනිදා නිවසකට පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කීර්ති ආබෲ වන අතර, ඔහු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අහුංගල්ලේ බබා’ හෙවත් නදීශ ආබෘෘ නමැත්තාගේ පියායි.

අනතුරුව පසුගිය 10 වැනිදා අහුංගල්ල, මරදාන ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් ඩුබායි ළහිරුගේ සමීපතමයෙකුගේ පියෙකු බවටද හෙළි වී තිබෙන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම වෙඩි තැබීම පසුගියදා අහුංගල්ල – ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා රාත්‍රියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.