දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 06 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 06 වන බදාදා

රාහු කාලය
12:09 pm – 1:40 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුලයි. සුළු සුළු ගමන් බිමන්ද යෙදේ. නව අත්හදාබැලීම් වැනි දේවලට හේතුයි. වැදගතුන් උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාර ලාභ ලබන ආයතන බවට පත්වෙයි. සෙම් රෝග, පෙනහළු රෝග මතු කරයි.

Date: 2023-09-05

ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතුවීමෙන් සිත් චංචල වෙයි. ප්‍රියසාද උත්සව වැනි දේවල් යෙදේ. නව සබඳතා ප්‍රේම සබඳතා වර්ධනය වේ. හදිසි ලාභද ලබයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වේ.

Date: 2023-09-05

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

ක්‍රියාශීලී දිනකි. වෙලහෙළදාම් වලින් ජය දෙයි. ප්‍රේම සබඳතා ඔප් නැංවෙයි. සුළුවෙන් හෝ ප්‍රීතිසාද යෙදේ. පොළොව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජයගෙන දෙයි. තරමක් වැයපස ඉහළ යයි. ඌෂ්ණ රෝග බෝවන රෝග මතුවේ.

Date: 2023-09-05

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. මුදල් යොදවා කරන ක්‍රියාවන්ගෙන් ජයදෙයි. සිරස ගත රෝග, ඌෂ්ණ රෝග මතුවේ.

Date: 2023-09-05

ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ව්‍යාපාරික ස්ථානවල බාධා මතු කරයි. සතුරු බලපෑම් මත මනසට අවිවේකය මතු කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-09-05

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරන අතර ප්‍රීතිඋත්සව සුහදතා වර්ධන ක්‍රියා ආදිය යෙදේ. පොදු ජන සේවා කටයුතු ප්‍රචාරක කටයුතු ආදියෙහි යෙදෙන අතර නව අත්හදාබැලීම් වලට හේතුයි. සෙම් රෝග සාදයි.

Date: 2023-09-05

ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභවාදී ඵල මතු කරයි. දුරගමන් යෙදේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ප්‍රබෝධමත්ව රැකී රක්‍ෂාවල යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-09-05

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දුරදිග නොබලා ක්‍රියා කිරීමෙන් තරමක් අවාසි සිදුකර ගනී. සුහද හමුවීම් සම්මුඛ සාකච්ඡා ආදියට හේතුයි. කලබලකාරී දිනකි. නවක මිතුදම් ඇතිවෙයි පාදවල ආබාධ මතු කරවයි.

Date: 2023-09-05

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ගමන් බිමන් අධිකවන අතර වැයපසද නොසිතූ ලෙස ඇතිවෙයි. ප්‍රේම සබඳතා වලට බාධා එල්ල වෙයි. ඇසුරු කරන්නන් සමඟ කථාවේදී ප්‍රවේශම්වීම මැනවි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. සෙම් කෝප රෝග දෙයි.

Date: 2023-09-05

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ගමන් බිමන් අධිකවන අතර වැයපසද නොසිතූ ලෙස ඇතිවෙයි. ප්‍රේම සබඳතා වලට බාධා එල්ල වෙයි. ඇසුරු කරන්නන් සමඟ කථාවේදී ප්‍රවේශම්වීම මැනවි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. සෙම් කෝප රෝග දෙයි.

Date: 2023-09-05

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

රාජකාරී වලදී කැපී පෙනෙයි. අමතර වැයවීම් මත ණයතුරුස්වලට හේතු බැවින් බුද්ධිමත්වීම මැනවි. වාදවිවාදවීම් ශුභවාදී නොවේ. දහමට ලැදිව ක්‍රියා කරයි. හදිසි ධන වාසනා ලබයි. ආමාශගත රෝග මතු කරයි.

Date: 2023-09-05

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

වෙළෙඳ ව්‍යාපාර වලින් තරමක් ජය අත්වෙයි. තම ශක්තියෙන් කරන ක්‍රියාවන් ජයවෙයි. රාජකාරි ස්ථානවල කැපී පෙනෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයවෙයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුවේ.

Date: 2023-09-05

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ

 

Share This