නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසේ

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසේ

දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එළඹෙන ජුනි මස 03 වැනිදා සිට දින 100ක කාලයක් සඳහා බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවය.

කෙසේවෙතත් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි බලයක් ලබා දෙන බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

Share This