හිටපු STF ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ සජබ සමග එක්වෙයි

හිටපු STF ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ සජබ සමග එක්වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැර සියලුම ජනපතිවරුන්ගේ ආරක්ෂාව භාරව සිටි මෙරට අංක එකේ ප්‍රභු ආරක්ෂක විශේෂඥයා වන විශේෂ කාර්ය බළකායේ හිටපු සේනාධිපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ සමගි ජන බලවේගයට සහය දෙමින් සජිත් ප්‍රේමදාාස අද හමුවී තිබේ .

ඔහු සමගි ජන බලවේගය සමග එක්වූ ආරක්ෂක අංශයට සම්බන්ධ තුන්වන උසස් නිලධාරියා වේ.

විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයකු වන ඔහු දක්ෂ වෙඩ්ක්කරුවෙක් වන අතර ජේ.ආර්.ජයවර්ධන ,ආර් ප්‍රේමදාස,ඩි,බි,විජේතුංග ,චන්දිකා බණ්ඩාරනායක ,රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන යන නායකයන්ගේ ප්‍රභු ආරක්ෂාව භාරව ඔහු රාජකාරි කර තිබේ.

1993 මැයි 1 හිටපු ජනපති ආර් ප්‍රේමදාස මරාගෙන මරෙන ප්‍රහාරයට ලක් වුයේ තම උපදෙස් නොතකා විවෘතව ගිය නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැම මොහොතේදීම තම උපදෙස් පිලිගත් නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමටද පහසු වු බව ඔහු පුවත්පතක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර තිබුණි.