සචිත්‍ර පොලිසියට බාර වෙයි

සචිත්‍ර පොලිසියට බාර වෙයි

මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (6) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පැවසීය.

තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකුට බලපෑම් කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

සචිත්‍රට කළ දැනුම් කීපයකට පසුව නීතිඥයන් සමඟ අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණි බව එම ආරංචි මාර්ග පවසයි.

Share This