වසා දැමූ විදෙස් දූත මණ්ඩල කාර්යාල 3ක් යළි විවෘත කිරීමේ තීරණයක්

වසා දැමූ විදෙස් දූත මණ්ඩල කාර්යාල 3ක් යළි විවෘත කිරීමේ තීරණයක්

2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දමන ලද පහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

(i) සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, නිකෝසියා.

(ii) ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය.

(iii) ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය.

ඒ අනුව, ඉහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.