විස්සයි විස්ස තරගාවලියේ ජය නවසිලන්තයට

විස්සයි විස්ස තරගාවලියේ ජය නවසිලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි තරගාවලියේ ජය තරග දෙකට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායමට හිමිවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 48ක දී ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණ අතර පැතුම් නිස්සංක පන්දු 25කදී ලකුණු 25 ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Tim Seifert පන්දු 48කදී ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර නායක Tom Latham පන්දු 23කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර කඩුළු 3 ක් දවා ගත්තේය.

නවසීලන්තයේ කුවින්ස්ටවුන්හි පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

 

 

Share This