රුපියල පහල ගිය හේතුව සියඹලාපිටිය කියයි

රුපියල පහල ගිය හේතුව සියඹලාපිටිය කියයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවද ඔහු පැවසීය.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු අතර මහ බැංකුවේ ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 300 ඉක්මවා තිබේ.

“මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර දැනට මහ බැංකුව ඩොලර් බිලියන 03ක ප්‍රමාණයක් මිලදී ගත්තා.

ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා.” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.