නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දැනට ශ්‍රී ලංකාවට වෙලින්ටන් හි කොන්සල් කාර්යාලයක් ඇති අතර, 2024 වසර සඳහා වූ පළමු කැබිනට් රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව‍ මෙලෙස ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවයි, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය.

මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින අතර ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Share This