ලෝක විවා­හක රූ රැජන තරඟාවලියට තුෂාරි ජය­කොඩි අමෙ­රි­කා­වට

ලෝක විවා­හක රූ රැජන තරඟාවලියට තුෂාරි ජය­කොඩි අමෙ­රි­කා­වට

අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන ලෝක විවා­හක රූ රැජන (Queen of the World) 2024 තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහභාගි වීම සඳහා තුෂාරි ජය­කොඩි මහ­ත්මිය ඊයේ (19) පස්ව­රුවේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් පිටත්ව ගියාය.

මෙම තර­ගා­ව­ලිය අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුව­රදී හෙට (21) සිට 25 දින දක්වා ලෝකයේ රට­වල් 33ක විවා­හක රූ රැජිණියන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වී­මට නිය­මි­තය.

තුෂාරි ජය­කොඩි මහ­ත්මිය පසු­ගි­යදා පැවති ශ්‍රී ලංකා විවා­හක රූ රැජන තර­ගා­ව­ලියේ වයස අවු­රුදු 50ට වැඩි කාණ්ඩයේ තරගයෙන් ජය­ග්‍ර­හ­ණය හිමි කර­ගෙන මේ තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වීම සඳහා සුදු­සු­කම් ලැබු­වාය.

මීග­මුව ප්‍රදේ­ශයේ පදිංචි තිදරු මවක වන ඇය මැලේ­සි­යානු ගුවන් සේවි­කා­වක ලෙස සේවය කර­මින් සිටියි.

 

Share This