13වියැති දැරියක් අභිරහස් ලෙස ගැබ් අරන්

13වියැති දැරියක් අභිරහස් ලෙස ගැබ් අරන්

කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය විසින් ඊයේ (19) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බවට අනතුරුව තොරතුරු අනාවරණය වූ බවත්ය.

මේ සම්බන්ධයෙන් දැරියගෙන් විමසුවත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

Share This