නෙළුම් කුලුණෙන් බිමට පැන්න විදේශිකයෙකුට බරපතල තුවාල

නෙළුම් කුලුණෙන් බිමට පැන්න විදේශිකයෙකුට බරපතල තුවාල

කොළඹ, නෙළුම් කුළුණේ සිට බිමට පැනීමේ ඉසව්වට (Base Jump) සහභාගී වූ විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර ඇද වැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය නිසි ආකාරයෙන් විවෘත වීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු වහලය මතට ඇද වැටී අනතුරට පත්ව ඇතැයි පැවසේ.

ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි, ජාතික රොහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම බේස් පැනීමේ ඉසව්ව (Base Jump) ඊයේ (12) ආරම්භ වූ අතර එය අද (13) සහ හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීම් සංදර්ශන සංවිධානය කර තිබේ.