පාසැල් චෙස් ශූරයෝ දිවයිනට

පාසැල් චෙස් ශූරයෝ දිවයිනට

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (13) දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය පසුගිය මස 28 දින සිට ඉකුත් 11 දා දක්වා ලෝකයේ රටවල් 27 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී ඔවුන් රන් පදක්කමක්, රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සදහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට සමත්ව සිටියහ.

පැය 25 ක පමණ දීර්ඝ දුෂ්කර ගුවන් ගමනකින් පසුව මෙම තරගාවලිය පැවැත් වූ දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යය වෙත ඔවුන් පිවිස තිබූ අතර, අධික සීතල මධ්‍යයේ මෙම තරගාවලිය පවත්වා තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාසැල් චෙස් ක්‍රීඩකයින් පිරිස අද (13) දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, සිසු සිසුවියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.