කෙහෙළිය ඇතුළු 06 දෙනා යළි රිමාන්ඩ්

කෙහෙළිය ඇතුළු 06 දෙනා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා ඇතුළු සැකකරුවන් ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.