ණය පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

ණය පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකු වල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.

ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මීට වසරකට පෙර මෙම අගය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.

මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයකට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.