කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක නාඳුනන පිරිමි මළ සිරුරක්

කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක නාඳුනන පිරිමි මළ සිරුරක්

කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගත් බව කඩුවෙල පොලිසිය කියයි

වයස අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන්නකු බව සැක සිතිය හැකි යැයි පොලිසිය සඳහන් කරයි

සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැකකළ හැකි සලකුනු දක්නට ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

ඒ ආසන්නයේ ජංගම දුරකතන දෙකක්ද දක්කනට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි