බස් ගාස්තු සංශෝධනය ගැන ගත් තීරණය

බස් ගාස්තු සංශෝධනය ගැන ගත් තීරණය

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බවයි, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

කෙසේ වෙතත් නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුව හොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

Share This