DIG නාලක සිල්වා නිදහස්

DIG නාලක සිල්වා නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව 2019 වසරේ දී පනවා තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

නීතිපතිවරයා අධිකරණයට අද දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

2019 වසරේ දී ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට චෝදනා කරමින්.