ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබේ.

එම අවස්ථාවට මෙරට අමෙරිකා තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ද සහභාගී වුවාය.

අදාළ හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමුව තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වූහ.