අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය

1979 අංක 25 කරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හඳුනාගත් ඇතැම් අවස්ථානුගත තත්වයන් යටතේ සැකකාර චූදිත තැනැත්තන් අධිකරණය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටීමේ අවශ්‍යතාව නඩු විභාග අතරතුර දී පවා ඉවත් කළ හැකිද හැකි ද යන්න තීරණය කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය ලබාගෙන තිබිණි.

අදාල පනත සංශෝධනය කිරීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share This