බිරිඳ ඝාතනය කළ සැමියා ගෙල වැලලාගෙන දිවි නසාගනී

බිරිඳ ඝාතනය කළ සැමියා ගෙල වැලලාගෙන දිවි නසාගනී

අලුත්ගම පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ දී තම බිරිඳට හිරමනයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු ගෙල වැලලා ගෙන මියගොස් තිබේ.

මියගොස් ඇති කාන්තාව අවුරුදු 32ක් වයසැති අයෙක් වන අතර සැමියාගේ වයස අවුරුදු 38ක්.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත ආරවුල් ඇතිකරගෙන තිබී ඇති බවයි.

ඊයේ සවස ද දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු නිවසේ මුළුතැන් ගෙය තුළදී සැමියා විසින් බිරිඳගේ හිසට හිරමනයෙන් පහරදී තිබේ.

එම කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇද වැටීමෙන් පසු ඇයගේ සැමියා එම නිවසේ ඉදිරිපස කාමරයේ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇතැයි සඳහන්.

මෙම අඹුසැමි යුවළට වයස අවුරුදු 12,10 සහ වයස අවුරුදු 6ක පිරිමි දරුවන් තිදෙනෙකු ඇති අතර,මෙම සිදුවීම සිදුවන මොහොතේ නිවසේ සිට ඇත්තේ කුඩා පිරිමි දරුවා පමණයි.

අනෙක් දරුවන් දෙදෙනාගෙන් එක අයෙකු අධ්‍යාපන කටයුතු සඳහා නිවසෙන් බැහැරව සිට ඇති අතර අනෙක් දරුවා මියගිය කාන්තාවගේ මවගේ නිවසේ සිට තිබේ.

මෙම කාන්තාව රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයක් පැමිණි අතර ඇය මියගොස් ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් දේහය රැගෙන යාමකින් තොරවඑම ගිලන් රථය පිටත්ව ගොස් තිබූ බව සඳහන්.

මෙම හදිසි මරණ සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය, කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදුකරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය ද සිදු කිරීමට නියමිතයි.

Share This