සංගීත ප්‍රසංගයකදී නිල ඇඳුමෙන් ඩාන්ස් දැමූ රාළහාමිට වැඩ වරදී

සංගීත ප්‍රසංගයකදී නිල ඇඳුමෙන් ඩාන්ස් දැමූ රාළහාමිට වැඩ වරදී

කැලණිය බියගම පාර පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ගායකයෙකුගේ ගීතයකට පොලිස් නිළ ඇදුමෙන් වේදිකාව මතට නැග රංගනයක නිරත වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (52) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉකුත් 30 වැනි දින රාත්‍රියේ කැලණි නදී ක්‍රීඩා පිටියේදී මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇති අතර කොස්තාපල්වරයා එහි ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටියදි වේදිකාව මත නැග මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාව ක්‍රියාව සම්බන්ධයෙන් කැලණිය සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලොරාච්චි මහතා විසින් විමර්ශනයක් සිදුකර ඊයේ (01) සිට මෙම කොස්තාපල්වරයා වැඩ තහනමට ලක්කර ඇති බව පොලිසිය පවසයි.