සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (30) නෙදර්ලන්තයට සමගින් පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝහි කුයින්ස් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ B කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සියලුම තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසියේය.

නෙදර්ලන්තය මූලික වටයේ A කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් සුපිරි 6 දෙනාගේ වටයට එක් වුණේ ය.

ඔවුන් මූලික වටයේ සහභාගී වූ තරග 4න් 3ක් ජය ගත්තේ ය.

මේ අතර ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට දිල්ශාන් මදුශංක සංචිතයට කැඳවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර චමීර ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි, ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Share This