යාපනේ කඩු කල්ලි සාමාජිකයෙක් කඩු පහරකින් මරුට

යාපනේ කඩු කල්ලි සාමාජිකයෙක් කඩු පහරකින් මරුට

යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියක් යාපනයේ ම වෙනත් කඩු කල්ලියක සාමාජිකයෙක්ව ඊයේ (11) කඩුවකින් කොටා ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා මීට කාලයකට ඉහතදී යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියක සාමාජිකයෙකුව කඩුවකින් කපා තුවාල සිදු කොට තිබේ.

ඊට පලිගැනීමක් වශයෙන් පහර කා තුවාල ලබා සුව වූ පුද්ගලයා එල්ල කළ කඩු පහරකින් මෙම තැනැත්තා මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තවචෙල්වම් පවිතරන් නැමති තරුණයෙකි.

ඔහු යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී ඔහු පදිංචිව සිටි වඩුක්කෝඩෙයි ගම්මානයේදීම මෙම කඩු ප්‍රහාරයට ලක් වී තිබේ.

කඩු ප්‍රහාරයෙන් තුවල ලැබූ තරුණයාව වඩුක්කෝඩෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව යාපානය් ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

ඝාතකයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබේ. වඩුක්කෝඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.