ආරක්ෂක අංශ සාමාජිකයෙක් දියේ ගිලී මරුට

ආරක්ෂක අංශ සාමාජිකයෙක් දියේ ගිලී මරුට

පොළොන්නරුව එකේ ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ රාත්‍රී 7.30ට පමණ යහළුවන් පිරිසක් සමග පරාක්‍රම සමුද්‍රයෙන් ජලය රැගෙන යන එකේ ඇලේ ගල් තඹරාව ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේම ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ඇලේ ප්‍රධාන දොරටුව වසා සිදු කළ සෝදිසියකදී අද අලුයම 1ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයා ගැණුනා.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Share This