මොරගහකන්ද ජලාශයෙන් වැටී යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙක් මරුට

මොරගහකන්ද ජලාශයෙන් වැටී යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙක් මරුට

කිරලගොල්ල යුද්ධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙක් ඊයේ (23) රාත්‍රී කාලයේදී මොරගහකන්ද ජලාශයෙන් වැටී මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 39 ක්වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

දඹුල්ල කිරලගොල්ල යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් අනු කණ්ඩායමක් මොරගහකන්ද ජලාශයේ, ජලාශ වේල්ල හා විදුලි බලාගාරයේ ආරක්ෂාවට යොදවා සිට ඇත.

ඉන් එක් සෙබළෙකු නොමැති බව නිරීක්ෂණය වීමෙන් පසු සිදු කළ සොයා බැලීමේදී මෙම ජලාශයේ බැම්මට මීටර් 300ක් පහළින් ජලය ගලා යන පාලම යට මුනින් අතට වැටී සිටියදී මෘත දේහය සොයාගෙන තිබේ.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) දින සිදු කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This