ස්ථාන මාරුවීම් ගැන කතා කරන්න වහාම පොලිස් කොමිසම රැස්වෙයි!

ස්ථාන මාරුවීම් ගැන කතා කරන්න වහාම පොලිස් කොමිසම රැස්වෙයි!

අනීතික ලෙස තමන් මාරු කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් විසින් එවන ලද ලිපි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික පොලිස් කොමිසම අද රැස්වී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊයේ දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පියවර ගෙන තිබිණ.

ඊට එරෙහිව ඊයේ රාත්‍රියේදීම අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් පොලිස් කොමිසම වෙත ලිපි යොමු කිරීමට පියවර ගෙන තිබිණ.

 

Share This