පිටකොටුවේ ජංගම දුරකථන වෙළඳසැල් 20කට නඩු

පිටකොටුවේ ජංගම දුරකථන වෙළඳසැල් 20කට නඩු

පිටකොටුව ප්‍රදේශයේ දුරකථන හා උපාංග අලෙවි කරන වෙළදසැල් විශේෂ පරික්ෂාවකට ලක් කර වෙළෙඳසල් 20 කට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකථන හා උපාංග වලට වගකීම් සහතිකයක් නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, එස්.එල්.එස්. ප්‍රමිතියට අනුකූල නොවන උපාංග විකිණීම සහ අලෙවියට ප්‍රදර්ශනය කර තැබිම යන චෝදනා යටතේ දුරකථන වෙලෙදසැල් හිමියන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය සදහන් කරයි.