නව පාසල් වාරය අද සිට – ඩෙංගු පාලනයටත් වැඩි අවධානයක්

නව පාසල් වාරය අද සිට – ඩෙංගු පාලනයටත් වැඩි අවධානයක්

2023 වසරේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වනවා.

මෙම වසරේ පළමු පාසල් වාරයේ නිවාඩුව පසුගිය 27 වනදා ලබා දෙනු ලැබුවේ 2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්.

ඒ, අනුව එම විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුවයි අද (12) දිනයේ මෙලෙස නව පාසල් වාරය ආරම්භ වන්නේ.

මේ අතර නව පාසල් වාරයේ දී ළමුන්ට බෙදාදීම සඳහා පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් ඇණවුම් කළ පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ අදින පසු දැනුම්දිය හැකි බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඩෙංගු රෝගයේ ව්‍යාප්තියත් සමඟ පාසල්වල පිරිසිදු භාවය පිළිබඳව අදින් ආරම්භවන නව පාසල් වාරයේ දී සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය අංශ මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ, මෙරටින් වාර්තාවන ඩෙංගු ආසාදිතයින්ගෙන් 25%කම පාසල් ළමුන් වීම හේතුවෙන්.

Share This