බිරිඳ සැමියා සමග එක්ව වැලන්ටයින් දා පැරණි පෙම්වතාගේ කකුල් දෙක කඩලා

බිරිඳ සැමියා සමග එක්ව වැලන්ටයින් දා පැරණි පෙම්වතාගේ කකුල් දෙක කඩලා

කාන්තාවක තම සැමියා ලබා පැරැණි පෙම්වතා නිරුවත් කර ඔහුගේ කකුල් දෙකම කාඩා දැමිමේ සිද්ධියක් ගාල්ල පොලිසියෙන් පෙම්වතුන්ගේ දිනය යෙදුණු ඊයේ දින වාර්තා විය.

දොඩන්දූව ප්‍රදේශයේ තරුණියක හික්කඩුව කලුපෙ පදිංචි තරුණයකු සමග මෙයට වසර 10කට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ සිටියදි ප්‍රේම සම්න්ධතාවයක් ඇතිකර ගෙන තිබේ .

ඔවුන් කර්මික විදුහල් අධ්‍යාපනයෙන් පසුව ද ටික කලක් ප්‍රේම සම්බන්ධතාව පවතා තිබූ බවත් පැවසේ.

පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග විවාහ වී ඇති අතර පරැණි පෙම්තාද ඇය සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත.

එහෙත් පසුකාලීනව ඇයට නිතරම ඔහු දුරකතන ඇමතුම් දීම කරදරයක් වී ඇති බවත් පැරණි පෙම්වතාගෙන් බිරියට ලැබෙන දුරකතන ඇමැතුම් පිළිබඳව ඇයගේ සැමියාට ද කන වැටී ඇති බවත් පොලිසිය කියයි

කෙසේ වෙතත් බිරිඳට මෙලෙස නිතර නිතර ඇමතුම් ලබාගන්නා පැරණි පෙම්වතාව බිරිඳ ලවා දඩල්ල මුහුදු වෙරළට කැඳවා ගැනීමටයි සැමියා කටයුතු කර ඇත්තේ.

පසුගිය දා එලෙස පැමිණි පැරණි පෙම්වතාට සැමියා විසින් බිරිඳ ඉදිරියේ දීම යකඩ පොල්ලකින් පහර දී ඔහුව නිරුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව සැමියා තවත් අයෙකු සමඟ යතුරුපැදියක නැගී පළාගොස් ඇති අතර, බිරිඳ බසයකට නැඟී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතරතුර මුහුදු වෙරළට පැමිණි අයෙක් විසින් නිරුවතින් මුහුදු වෙරළේ වැටී සිටි මෙම පුද්ගලයා දැක ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව පැවසේ .

පහරදීමෙන් අදාළ පුද්ගලයාගේ කකුල් දෙකම කැඩී ඇති බවයි වාර්තා වුණේ.

පහරදීම සිදුකළ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (14) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා

Share This