සුපිරි අවන්හලේ කෑම වල කෙල ගෑ සිසුවාට වුන දේ ?

සුපිරි අවන්හලේ කෑම වල කෙල ගෑ සිසුවාට වුන දේ ?

ජපානයේ ජනප්‍රියතම ‘සුෂී‘ ආහාර විශේෂය නිෂ්පාදනය කරන සමාගම් ජාලයේ අවන්හලකදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට තැබූ ආහාරවල කෙළ තැවරූ පාසල් සිසුවකුට එරෙහිව යෙන් මිලියන 67ක (අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ අසූදහසක්) වන්දියක් ඉල්ලා එම සමාගම නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිසුවා තවත් සිසුන් පිරිසක් සමඟ සුෂී අවන්හලකදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට තැබූ ආහාරවලට කෙළ තවරන ආකාරය වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍ය ජාලයට ද මුදා හැර ඇති අතර, ඉන් එම සමාගමේ අලෙවිය ද පහත වැටී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ආහාරවල කෙළ තැවරීමෙන් නොනැවතී එහි තිබූ සෝස් බෝතලයකට සහ හිස් තේ කෝප්පයකට ද ඔහු මුව තබා කෙළ තවරන අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙයි.

එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලයේ වැඩි අවධානයට ලක්වී ඇති අතර, එමඟින් සිය ආහාර අලෙවිය පහත වැටීමෙන් සිදුවූ අලාහය පියවා ගැනීමට එම සමාගම ඔසාකා නුවර දිස්ත්‍රික් අධිකරණයේදී මේ නඩුව පවරා තිබේ.

එම සිදුවීම ජපානයේ සිවිල් නීතිය යටතේ පමණක් නොව අපරාධ නීතිය යටතේ ද දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද වාර්තා වේ.

 

Share This