විශේෂ පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

විශේෂ පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

අද (23) උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.

ඒ, විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහායි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ, අදාළ ඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ යුතු හෙයින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බවයි.

ඒ අනුව, අදාළ පක්ෂ නායක රැස්වීම සඳහා සභා කටයුතු මඳකට අත්හිටුවන බවද කථානායකවරයා නිවේදනය කළේය.