සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් “ලොරේන්සෝ පුතා 04” යාත්‍රාව මුදාගනී

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් “ලොරේන්සෝ පුතා 04” යාත්‍රාව මුදාගනී

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කළ බවයි, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදාය.