එක්සත් රාජධානියේ අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට ලාංකිකයන් තිදෙනෙක්

එක්සත් රාජධානියේ අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට ලාංකිකයන් තිදෙනෙක්

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද, අලුත් අවුරුදු ගෞරව ලැයිස්තුවට 2024 වර්ෂය සදහා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ඈන් ඩොලෝරස් පෙරේරා ,අතුල චූඩා බණ්ඩාර වනසිංහ හා සදුන් කිතුලගොඩ යන තිදෙනාව මෙලෙස ඇගැයීමට ලක්කර ඇත.

ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙසේ ඇගයීමට ලක්ව තිබේ.

ආචාර්ය ඈන් ඩොලෝරස් පෙරේරා ආහාර විද්‍යාව, පෝෂණය සහ ප්‍රජාව සඳහා කල ඇයගේ සුවිශේෂී සේවාවන් අගයා තිබේ.

අතුල චූඩා බණ්ඩාර වනසිංහ ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට කළ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රැජිනගේ සේවා පදක්කම හිමිව තිබේ.

එක්සත් ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා නැටුම් ඇකඩමිය ඇතුළු විවිධ සංවිධානවල ප්‍රධාන චරිතයක් ලෙස සදුන් කිතුලගොඩ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමට සහ ප්‍රජා උත්සව වලට සහාය වීම ආදී ශ්‍රී ලාංකීය ප්‍රජාවට කරන ලද සේවය වෙනුවෙන් ඇගයීමට ලක්කර තිබේ .