තරුෂි දිල්සරාට රන් පදක්කමක්

තරුෂි දිල්සරාට රන් පදක්කමක්

දකුණු කොරියාවේ යෙචියොන් නුවරදී පැවැත්වෙන 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි දිල්සරා කරුණාරත්න සමත් වූවාය.

ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි.

තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය.