පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (09) පැවැති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගෙය් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 381ක් රැස් කෙළ්ය.

එහි දී පැතුම් නිස්සංක වාර්තා කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් නබී පන්දු 130කින් ලකුණු 136ක් රැස් කළේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් අස්මතුල්ලා ඔමාසායි ද ඇෆ්ගනිතානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 149ක් රැස් කළේය.

කෙසේ වෙතත් ඇෆ්ගනස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 339ක් පමණී.

Share This