ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක් මෙරටට

ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක් මෙරටට

මේ වසරේ ඉන්දියාවෙන් ඇනවුම් කල පළමු බිත්තර මිලියන 7ක තොගයේ පළමු කොටස ලංකාවට ලැබී ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

සත්ව නිෂ්පාදන සහ සෞඛය දෙපාර්ථමේන්තුවේ පරීක්ෂාවලින් අනතුරුව මෙම තොග එළඹෙන සතිය වන විට දිවයින පුරා පිහිටි සතොස අලෙවි හල් වෙත නිකුත් කරන බව සංස්ථා සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

මීට පෙර රුපියල් 35 කට අලෙවි කළ බිත්තරයක් වැට් බද්ද වැඩිවීමත් සමග රුපියල් 43 කට අලෙවි කිරීමට සිදුව ඇති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.